වෙළඳ දැන්වීම් කලාව
වෙළඳ දැන්වීම් කලාව යනු කිසියම් වෙළෙඳ නාමයක් යටතේ ඉදිරිපත් කෙරෙන නිෂ්පාදනයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීමට හෝ මිලදී ගැනීම්ට පාරිභෝගිකයන් පෙළඹවීම සඳහා කෙරෙන සන්නිවේදන මාදිලියකි. දැන්වීම්කරණය පිළිබඳ වඩාත් හොඳ අර්ථකථනයක් ඒ පිළිබඳ ඉදිරිපත්ව ඇති නිර්වචන ඔස්සේ ලබාගත හැකිය.
“වෙළඳ දැන්වීම්කරණය යනු අදහස්, භාණ්ඩ හෝ සේවා පිළිබඳ පණිවිඩයක් මාධ්‍ය තුළින් බෙදාහැරීමේ ක්‍රියාවලියයි.එම ක්‍රියාවලිය සඳහා හඳුනාගත් කිසියම් අනුග්‍රාහකයෙකු මුදල් ගෙවයි.“
මේ අනුව වෙළඳ දැන්වීම්කින් මූලික වශයෙන් බලාපොරොත්තු වන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා පාරිභෝගික ආකර්ෂණය දිනා ගැනීමයි. ඩොන් ස්ලේටර් නම් විචාරකයා පෙන්වා දෙන්නේ පාරිභෝගික භාණ්ඩ පිළිබඳ සංස්කෘතික ප්‍රතිනිර්වචනයක් දැන්වීම්කරණයෙන් ලැබෙන බවයි. එම භාණ්ඩ බෙදාහැරීමේ මෙන්ම ඒවායේ මිල තීරණය කිරීමේ බලය දැන්වීම්කරණය සතු බව හෙතෙම පෙන්වා දෙයි.
වෙළඳ දැන්වීම්කරණය ස්වභාවයෙන්ම පෙළඹුම්කාරී වේ. මේ සඳහා මුදල් ගෙවන නිශ්චිත අනුග්‍රාහකයෙකු ඇති අතර විවිධ මාධ්‍ය හරහා පාරිභෝගික ගත කරයි. වෙළඳනාම ප්‍රතිරූපය හෝ වෙළඳ නාමය කෙරෙහි පාරිභෝගිකයාගේ ඇති බැඳීම, විශ්වසනීයත්වය ඇතිකිරීම හා ව්‍යාප්ත කිරීම තුළින් පරිභෝජනය ඉහළ නැංවීම සඳහා අවශ්‍යතාවයන් නිර්මාණය කිරීම හා ඒ සඳහා පාරිභෝගිකයා පෙළඹවීම වෙළඳ දැන්වීම් කලාවේ මුඛ්‍ය අරමුණයි.
වර්තමානය වන විට මාධ්‍ය තාක්ෂණයේ දියුණුවත් සමඟ වෙළඳ දැන්වීම්කරණය නිර්මාණශීලී කලාවක් මෙන්ම කර්මාන්තයක් බවට පත්ව ඇත. වර්තමානයේ විවිධ නිෂ්පාදන සමාගම්, සංවිධාන හා ආයතන වෙනුවෙන් දැන්වීම් නිර්මාණය කිරීම හා ප්‍රචාරය කිරීම සඳහා දැන්වීම් නිර්මාණය කරන ආයතන පවතී. හුදෙක්ම අද වන විට වෙළඳ දැන්වීම් කලාව යන්න ආර්ථිකය හසුරුවන සංකීර්ණ ව්‍යාපාරයක් බවට පත්ව ඇත.
වෙළඳ දැන්වීම් ආකාර
වෙළඳ දැන්වීම් ආකාර ප්‍රධාන වශයෙන් ත්‍රිත්වයක් හඳුනාගත හැකිය.
1. නිෂ්පාදන දැන්වීම්කරණය
2. නිෂ්පාදන නොවන දැන්වීම්කරණය
3. නිර්වාණිජ දැන්වීම්කරණ
නිෂ්පාදන දැන්වීම්කරණය
භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය කිරීම සඳහා යොදා ගැනෙන දැන්වීම් නිෂ්පාදන දැන්වීම් ලෙස හඳුනාගත හැකිය. කිසියම් ආයතනයක් සමාගක් විසින් සපයන භාණ්ඩ හා සේවා පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීම සඳහා යොදා ගන්නා දැන්වීම් මේ ගණයට අයත් වේ. මෙම දැන්වීම්කරණය වාණිජ පරමාර්ථ පදනම් කරගෙන නිර්මාණය කරයි. බොහෝ විට භාවාත්මක ප්රවේශයකින් ඉදිරිපත් වෙයි. භාණ්ඩ හා සේවා නිෂ්පාදන වල තොරතුරු දක්වමින්, සෙසු නිෂ්පාදන හා සංසන්දනයට ලක් කරමින් ආදී ක්‍රම ඔස්සේ මෙම දැන්වීම් නිර්මාණය වේ. වර්තමානයේ බහුලව දැකිය හැක්කේ නිෂ්පාදන දැන්වීම්ය.
නිෂ්පාදන නොවන දැන්වීම්කරණය
මෙහිදී අපේක්ෂා කෙරෙන්නේ භාණ්ඩ හෝ සේවා පිළිබඳ ප්‍රචාරයක් නොව අදහස් හෝ දර්ශනයක් සමාජගත කිරීමයි. බොහෝ ආයතන, සමාගම් තම ප්‍රතිරූපය නගා සිටුවීමට, අනන්‍යතාවයක් ඇති කර ගැනීමට, තම නාමය පාරිභෝගිකයා තුළ ස්ථාපිත කරවීමට විවිධ දර්ශනයන් හා මතවාද සමාජය තුළ ඇති කරන අතර ඒ සඳහා මෙම දැන්වීම් ආකාරය යොදා ගනී. උදාහරණ ලෙස ලංකාබෙල්, commercial creddit වැනි සමාගම් අපේ කම, ග්‍රාමීය සංස්කෘතිය යන සාධක සමාජගත කිරීම ආදිය දැක්විය හැකිය.
නිර්වාණිජ දැන්වීම්කරණය
වාණිජ පරමාර්ථයෙන් තොරව ඉදිරිපත් කරන දැන්වීම් මේ ඝනයට අයත් වේ. බොහෝ විට රජය, ලාභ නොලබන සංවිධාන, පුණ්‍යායතන, ආගමික හෝ දේශපාලන සංවිධාන වැනි ආයතන මගින් නිර්වාණිජ දැන්වීම් සඳහා අනුග්‍රාහකත්වය සැපයේ. ග්රාහකයන්ගේ චර්යාවන් වෙනස් කිරීම, දේශපාලන මතවාද සමාජගත කිරීම, සම්පත් සුරැකීම, සෞඛ්‍ය ක්ෂේත්රය පිළිබඳ සමාජය දැනුවත් කිරීම ආදිය සඳහා නිර්වාණිජ දැන්වීම් යොදා ගනු ලබයි.
මීට අමතරව වර්තමාන වෙළෙඳ දැන්වීම්කරණය තුළ හඳුනාගත හැකි දැන්වීම් ප්‍රභේද කිහිපයක් ද පවතී.
■ සන්නාම ප්‍රවර්ධන දැන්වීම්
■ සේවා ප්‍රවර්ධන දැන්වීම්
■ මහජන සේවා දැන්වීම්
■ සමාජ වගකීම පිළිබඳ දැන්වීම්
■ උපදේශනාත්මක දැන්වීම්
■ ආවෘත වෙළඳ දැන්වීම්
ඒ අතර කිහිපයකි.
රිෂිත ජනිත් නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
No comments:
Post a Comment