රූපවාහිනී මාධ්‍යයේ ඉතිහාසය,විකාශනය සහ වර්ධනය
වර්තමානය වන විට රූපවාහිනී මාධ්‍ය අනෙතකුත් ජනමාධ්‍යන් අභිභවා යමින් ප්‍රබල ජනමාධ්‍යයක් බවට පත්ව තිබේ. සැබවින්ම රූපවාහිනී මාධ්‍යයේ ප්රභවය මානව සන්නිවේදන අවශ්‍යතාවයන් සඳහා විද්‍යාත්මක සොයා බැලීම් මත සිදු වූවකි.ශත වර්ෂ ගණනාවක් රටවල් ගණනාවක් විසූ විවිධ ක්ෂේත්රවල ඉංජිනේරුවරයන් හා පර්යේෂකයන් විසින් කරන ලද විද්‍යාත්මක අත්හදා බැලීම් රූපවාහිනිය ගොඩනැගීමෙහිලා වැදගත් විය.
1880 දශකය තුළ ශ්‍රව්‍ය,දාෘශ්‍ය මාධ්‍යන් පිළිබඳ මූලික භෞතික සොයා ගැනීම් ගණනාවක් යුරෝපය තුළ සිදු විය.ක්‍රමයෙන් 1890 වන විට ඇමරිකාව,රුසියාව,ජර්මනිය වැනි රටවල් රූපවාහිනියේ මුල් අවස්ථා සම්බන්ධ සොයා ගැනීම් සිදු කරන ලදි.මුලින්ම television යන නම භාවිතා කරන ලද්දේ ප්‍රංශ ජාතික perski විසින් වන අතර 1900 දී පැරිස් නුවර පැවති සම්මන්ත්‍රණයකදී එය හඳුන්වා දෙන ලදි.
විද්‍යුත් යාන්ත්‍රික රූපවාහිනිය හා සම්බන්ධ මූලික මුලධර්ම “පෝල් නිප්කෝ” විසින් සොයා ගත් අතර 1884 දී ඔහු ස්කෑන් තැටිය සොයා ගන්නා ලදි.එමෙන්ම ඔහු විද්‍යුත් යාන්ත්‍රික රූපවාහිනී ක්රමයද යොජනා කරන ලදි.මීට අමතරව රූපවාහිනිය සොයා ගැනීමට පාදක වූ පරීක්ෂණ අතර 1842 විදුලි කම්බි ඔස්සේ පිංතූර සංස්කරණය කිරීම,1847 පිටපත් කළ හැකි විදුලි ක්‍රමය,ප්ලාකර් විසින් හඳුන්වා දුන් කැතෝඩ කිරණ පරීක්ෂණය ආදිය වැදගත් වේ.එමෙන්ම 20 වන සියවසේ මුල් කාලයේ දී ජෝර්ජ් සහ ෆෝනියර් විසින් නිශ්චල ප්‍රතිබිම්බවල අපැහැදිලි සේයාරූවක් අඛණ්ඩව චලනය කිරීමට සමත් වූ අතර මේ සියලු පරීක්ෂණවල එකතුවක් ලෙස scanning disc ක්‍රමවේදය තව දුරටත් වැඩි දියුණු කරමින් ස්කොට්ලන්ත ජාතික ජෝන් ලොගී බෙයාර්ඞ් විසින් 1923 දී රූපවාහිනිය සොයා ගන්නා ලදි.
ලොව මුල්ම රූපවාහිනී දර්ශනය ලෙස බෝනික්කෙකුගේ රූපයක් 1925 දී විකාශය කර ඇත.එමෙන්ම 1926-01-26 වන දින සාර්ථක රූපවාහිනී දර්ශනයක් ඉදිරිපත් කර ඇති අතර එදින මෙය නව නිර්මාණයක් ලෙස රාජකීය විද්‍යාතනය විසින් නම් කරන ලදි.මුල් කාලීනව මෙහි තොරතුරු සම්ප්‍රේෂණය සැතපුම් 200ක් දුරට විහිදුව ද පසුව එය 1440 ක් දක්වා වැඩි කරන ලදි.
බෙයාර්ඞ් සොයාගත් රූපවාහිනිය ආශ්රයෙන් ප්‍රථම රූපවාහිනී සේවාව ජර්මනියේ තැපැල් කාර්යයාලය මගින් විසිරුවා ඇත.ඒ අනූව පළමු බාහිර විකාශය ලෙස සිනමා නිළියකගේ නර්ථනයක් සැතපුම් 600ක් දුරට සම්ප්‍රේෂණය කර ඇත.මෙම සියලු අත්හදා බැලීම් වලින් අනතුරුව 1937 දී පමණ රූපවාහිනිය ජනතාව අතට පත්විය.
1936 දී ලොව ප්‍රථම මහජන රූපවාහිනි සේවාව උතුරු ලන්ඩනයේ පිහිටි වික්ටෝරියා ඇලෙක්සැන්ඩි්රයා මාලිගයේ සිට සම්ප්‍රේෂණය වූ අතර එය අද අප දකින රූපාහිනි විකාශනයේ ආරම්භයයි.විද්‍යුත් යාන්ත්‍රික රූපවාහිනියේ අද්දැකීම් සමඟ ඊළගට විද්‍යුත් රූපවාහිනිය පිළිබඳ අත්දැකීම් ගණනාවක් ඉදිරිපත් විය.
1940 දශකය අවසාන භාගය වනවිට පිලිප්ස් සමාගම විසින් iconoscop , imge dissector වැනි රූපවාහිනී උපකරණ වෙළඳපළට හඳුන්වා දී තිබේ.එමෙන්ම 1950 දශකය අවසානය වනවිට RCA සමාගම දියුණු රූපවාහිනි විකාශන යන්ත්‍රයක් ආරම්භ කළ අතර බි්රතාන්ය , ඇමරිකාව , කැනඩාව , ජර්මනිය හා ජපානය වැනි රටවල් තාක්ෂණයෙන් උසස් රූපවාහිනි නිර්මාණය කරන්නට විය.ජපානයේ NHK රූපවාහිනී සේවය මගින් හඳුන්වා දුන් IP TV,Ymax ආදී තාක්ෂණයන් 1950 දශකය තුළ රූපවාහිනිය දියුණු වීමට ප්‍රබල සාධකයක් විය.මේ කාලය තුළ මහද්වීප අතර රූපවාහිනී විකාශන තාක්ෂණය පුළුල් කරමින් සැන්ඩි ෆ්රැන්සිස්කෝ නුවර හා නිව්යෝර්ක් නුවර අතර ලොව දිගම රූපවාහිනී ජාලය ලෙස cbs සේවාව ආරම්භ විය.එමෙන්ම සජීවී රූපවාහිනී වැඩසටහන් සහ එසැනින් පුවත් වාර්තා කිරීම ආරම්භ වන්නේද 1950 දශකය තුළදීය.මේ නිසා රූපවාහිනී ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස 1950 දශකය හඳුනාගත හැකිය.
1970 දශකය වනවිට කේබල් හා චන්දාිකා රූපවාහිනී තාක්ෂණය ආරම්භවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස රූපවාහිනී නාලීකා ගණනාවක් බිහි විය.ඇමරිකානු Home box office ,showtime හා බි්රතාන්යයේ sky වැනි නාලීකා ඒ අතර වේ.
1980 දශකය වන විට රූපවාහිනිය හා සම්බන්ධ විද්‍යුත් ඉලෙක්ට්‍රොනික් දුරස්ථපාලක නිර්මාණය කිරීම සහ LCD රූපවාහිනි හඳුන්වාදීමත් සමඟ තාක්ෂණික අතින් සුවිශේෂි වර්ධනයක් ඇති විය.
1990 දශකය වන විට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ රූපවාහිනිය බිහි වූ අතර වර්තමානය වන විට ඩිජිටල් නව මාධ්‍ය තාක්ෂණය යටතේ ඛෑෘ තාක්ෂණයෙන් යුතු රූපවාහිනි යන්ත්රයන් ද බිහි වී ඇත.
මුල් කාලීන රූපවාහිනිය ඔස්සේ තොරතුරු ලබා දීම , ප්රවෘත්ති ලබා දීම සිදු කළ ද 20 වන සියවස වන විට ජනමතය සකස් කිරීම එහි ප්‍රධාන අරමුණ විය.මෙහිදී මුලීක වශයෙන් දේශපාලන මත සකස් කිරීම හා ව්‍යාපාරික මත සකස් කිරීම සිදු කරන ලදි.මෙකල රූපවාහිනී වැඩසටහන් ආකෘති ලෙස,
★වෙළඳ දැන්වීම්
★සබන් නාටක
★දේශපාලන සාකච්ඡා
★විනෝදාත්මක වැඩසටහන්
ආදිය දැකිවිය හැකිය.
මෙලෙස විකාශය වූ රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්රය වර්තමානය වන විට විවිධ නව ප්රවණතාවන් ඔස්සේ නව්‍යකරණය වෙමින් ඉහළ තාක්ෂණයක් සහිතව තරඟකාරී මාධ්‍ය භාවිතයක නියැලෙමින් සිටී.
No comments:
Post a Comment