2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳ හැඳින්වීමක්
19 වන ආණ්ඩූක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් තොරතුරු දැන ගැනීමේ අයිතිය සහතික වුවද එය යථාර්තයක් බවට පත් වූයේ තොරතුරු දැන ගැනීම පිළිබඳව නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසුවය. තොරතුරු දැන ගැනිමේ අයිතිය බලාත්මක කර ඇත්තේ සිවිල් හා දේශපාලන අයිතියක් ලෙසින්ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 අ වගන්තිය යටතේ තොරතුරු සඳහා ප්‍රවේශවීමේ අයිතිය තහවුරු කර ඇති බැවින් තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම බලාත්මක කිරීම මගින් පොදු අධිකාරීවල විනිවිදභාවය සහ වගකීම් පිළිබඳ සංස්කෘතියක් ඇති කිරීමත්, එමගින් ජනතාවට යහපාලනය සඳහා වැඩි වශයෙන් සහභාගී විය හැකි සාධාරණ සමාජයක් ප්‍රවර්ධනය කිරීම මෙම පනතේ අරමුණ බව එහි පූර්විකාවේ දක්වා ඇත.
පනතේ 5 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව පොදු අධිකාරියක් සන්තකයේ, භාරයේ හෝ පාලනයේ ඇති තොරතුරු ලබා ගැනිමට අයිතියක් ඇත. ඒ අනූව,
● අමාත්‍යංශ
● දෙපාර්තමේන්තු
● සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල
● පළාත් පාලන ආයතන
● 25% කට වඩා කොටස් රජයට හිමි සමාගම්
● මහජන කාර්යයන් පිළිබඳව රජය සමඟ ගිවිසුමකට එළඹ ඇති පෞද්ගලික ආයතන
● රාජ්‍ය නොවන සංවිධාන
ආදිය මගින් පුරවැසියන්ට තොරතුරු ඉල්ලුම් කිරීමට හැකියාව පවතී.
පනතේ 43 වන වගන්තිය යටතේ තොරතුරු යනු මොනවාදැයි පැහැදිලිව දක්වා ඇත. ඒ අනූව පහත සඳහන් ඒවායේ භෞතික ස්වරූපය හෝ ස්වභාවය නොසලකා සටහන්, ලේඛන, සංදේශ, විද්‍යුත් තැපැල්, උපදේශන, මාධ්‍ය නිවේදන, චක්‍රලේඛ, ලොග් පොත්, ගිවිසුම්, වාර්තා, පොත්, පිඔුරුපත්, සිතියම්, චිත්‍ර, රූප සටහන්, ඡායාරූප, දළ සේයාපට, ශබ්ද පටිගත කිරීම්, වීඩියෝ පට, නීති කෙටුම්පත්, පරිගණක වාර්තා හා වෙනත් ලේඛනගත ද්‍රව්‍ය සහ ඒවායේ පිටපත් තොරතුරු ලෙස දක්වා ඇත.
කෙසේ වෙතත් පනතේ 5.1 අ වගන්තියට අනූව ලබාදීම ප්‍රතික්ෂේප කළ හැකි තොරතුරු කරුණු 21ක් යටතේ සවිස්තරාත්මකව දක්වා ඇත.
● පොදු වැදගත්කමක් නොමැති අනවශ්‍ය ලෙස යම් පුද්ගලයෙකුගේ පුද්ගලිකත්වයට හානිකරන තොරතුරු
● බුද්ධිමය දේපළ පනතට ගැනෙන වාණිජ රහස්
● රාජ්‍ය ආරක්ෂාවට හා භෞමික අඛණ්ඩතාවයට හානිවන තොරතුරු
● පුද්ගලික වෛද්‍ය වාර්තා
● හෙළිකිරීමෙන් අපරාධ වැළැක්වීමට බාධාවක් වන තොරතුරු
● අධිකරණයට හා පාර්ලිමේන්තුවට අපහාසවන තොරතුරු
● විභාගවලට අදාළව රහසිගතව තබාගත යුතු තොරතුරු
ඒ අතර කිහිපයකි.
“කෙසේ වෙතත් මහජන යහපතෙහි වැදගත්කම එම තොරතුරු හෙළිදරව් කිරීමෙන් වන හානියට වඩා වැඩිනම් එවැනි තොරතුරු සඳහා වන ඉල්ලීමක් ප්‍රතික්ෂේප නොකළ යුතු බව 5(4) වගන්තියට අනූව දක්වා ඇත.”
සෑම පොදු අධිකාරියකම තොරුතුරු නිලධාරියෙකු හා අභියාචනා විභාග කිරීම සඳහා නිලධාරියෙකු පත් කර ඇති අතර ඔවුන් වෙතින් තොරතුරු ලබා ගත හැකිය. තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවකදී අතෘප්තිමත් වන පුරවැසියෙකුට පිළිවෙලින් අභියාචනා විභාග කිරීමේ නම් කළ නිලධාරියාට හා තොරතුරු කොමිසම වෙත අභියාචනා කළ හැකිය. එම තීරණ වලින්ද තෘප්තිමත් නොවන ඉල්ලුම්කරුවන්ට අභියාචනාධිකරණයට අභියාචනාවක් කළ හැකිවේ.
තොරතුරු දැනගැනීමේ පනතට අනුව පිහිටුවා ඇති තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ප්‍රකාශකවරුන්ගේ, කතෘවරුන්ගේ හා මාධ්‍යවේදීන්ගේ සංවිධාන, සිවිල් සමාජ සංවිධාන වලින් යෝජනාවන දේශපාලඥයින් හෝ රාජ්‍ය නිලධාරීන් නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත පස් දෙනෙකුගෙන් යුතු කොමිසමක් ලෙස ජනාධිපති විසින් පත් කරනු ලැබේ. තොරතුරු ඉල්ලීම් සම්බන්ධ අභියාචනා විමර්ශනය, පනත යටතේ වැරදි පිළිබඳව විමර්ශනය කිරිම හා නඩු පැවරීම හා පනත පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම ආදිය කොමිෂන් සභාවේ කාර්යයන් වේ.
https://sinhala.dgi.gov.lk/images/pdf/2017/RTI_S_final.pdf
රිෂිත ජනිත් නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය