මිනිසා සහ සන්නිවේදනය අතරත්, සන්නිවේදනය සහ දේශපාලනය අතරත් දිර්ඝ සහ අවියෝජනීය සබඳතාවයක් පවතී. ඒ අනූව මිනිසා සහ දේශපාලනය සම්බන්ධ කරන බැඳීම් රැහැණ වශයෙන් සන්නිවේදනය ගොඩනැගී ඇත.මෙම සම්බන්ධතාවය හේතුවෙන් මිනිසා, දේශපාලන සහ සන්නිවේදනය යන කාරණා ත්‍රිත්වය මුල් කොටගෙන දේශපාලන සන්නිවේදනය නම් විෂය ක්ෂේත්‍රයේ නිර්මාණය වී පෝෂණය වී ඇත. වර්තමානය වන විට ලාංකීය සමාජය තුළ මෙන්ම ලොව සෑම රටකම පාහේ දේශපාලන සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රිය කතිකාව පුළුල්ව ඇත.
දේශපාන සන්නිවේදනයේ ආරම්භය දේශපාලනය තරම්ම පැරණිය. එමෙන්ම දේශපාලන විද්‍යාව, ප්‍රායෝගික දේශපාලනය ව්‍යාපාරයන් හා සන්නිවේදන අධ්‍යයනය යන පුලුල් විෂයන් දේශපාලන සන්නිවේදනය යන විෂය ක්ෂේත්‍රයේ අන්තර්ගතය ගොඩනැගීම සදහා දායක වී ඇත. දේශපාලන සන්නිවේදනය යන වචනය ඇසු සැනින් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ මැතිවරණ හා ඒ සදහා භාවිතා කරණ විචාරණ උපක්‍රමයන් හා බැඳි සන්නිවේදනයක් පමණි. කෙසේ වෙතත් දේශපාලන සන්නිවේදනය යනු ඉන් ඔබ්බට විහිදුණු සුවිසාල විෂය ක්ෂේත්‍රයක් ආවරණය කරන්නකි. එනම් සමස්ථ දේශපාලන ක්‍රියාවලිය හා බැඳුණු සමස්ථ සන්නිවේදන ක්‍රියාවලියම දේශපාලන සන්නිවේදනය යනුවෙන් සරලව හඳුනාගත හැකිය. ඒ අනූව
මැතිවරණ හා දේශපාලන සන්නිවේදනය.
ජන මාධ්‍ය, නව මාධ්‍ය හා දේශපාලනය.
දේශපාලන ප්‍රතිරූපය ගොඩනැන්වීම.
ජනමතය නිර්මාණය කිරීම හා හැසිරවීම.
දේශපාලනය සමඟ මාධ්‍ය සම්බන්ධතා හා ක්‍රියාකාරීත්වය.
විරෝධතා ව්‍යාපාර.
දේශපාලන මහජන සම්බන්ධතාවය.
දේශපාලන ප්‍රචාරණය හා දැන්වීම.
දේශපාලන අලෙවිකරණය.
මාධ්‍ය හිමිකාරීත්වය හා දේශපාලන සම්බන්ධතා.
ත්‍රස්ථවාදී හා බලපෑම්කාරී කණ්ඩායම්.
වැනි දේශපාලන ක්‍රියාවලිය තුළ සන්නිවේදනාත්මක විග්‍රහයන් ගණනාවක් දේශපාලන සන්නිවේදනය ලෙස හඳුනාගත හැකිය.
“දේශපාලන පක්ෂ, දේශපාලඥයින්, ආණ්ඩු පක්ෂ ඇමතිවරු හෝ ඔවුන් අයත්වන කැබිනට් මණ්ඩල භාවිතා කරන සියලු සන්නිවේදන විධි දේශපාලන සන්නිවේදනය ලෙස නම් කළ හැකිය”
(බෙන්ජමින් ස්ටොක්මාන්)
බෙන්ජමින් සිටොක්මාන්ගේ ඉහත නිර්වචනයට අනූව ඔහු පෙන්වාදෙන්නේ දේශපාලන සන්නිවේදනය යනු මැතිවරණ ප්‍රචාරණය පමණක් ඉලක්ක කරගත් ක්‍රියාවලියක් නොවන බවයි. දේශපාලන අරමුණක් සහිත ඕනෑම සන්නිවේදන ක්‍රියාවක් දේශපාලන සන්නිවේදනය යටතට ගැනෙන බව ඔහුගේ අදහසයි.
“දේශපාලන සන්නිවේදනය යනු දේශපාලන පිළිබඳ අරමුණු සහගත සන්නිවේදනයයි ”
( බ්‍රයන් මැක්නර් )
ස්ටොක්මාන්ගේ නිර්වචනය තහවුරු කෙරෙන ආකාරයේ අදහසක් බ්‍රයන් විසින් ද දක්වා ඇත. දේශපාලන වශයෙන් සම්බන්ධ අරමුණක් පවතින ඕනෑම සන්නිවේදන ක්‍රියාවලියක් දේශපාලන සන්නිවේදනය යටතට අයත්වන බව ඔහුගේ අදහසයි.
ඉහත නිර්වචනයන් දෙකටම සමාන ආකාරයේ අදහසක් එස් එම් ඩැෆිගේ නිර්වචනය තුළින්ද හදුනාගත හැකිය. ඔහුට අනූව,
“දේශපාලන සන්නිවේදනය යනු දේශපාලන ක්‍රියා පද්ධතිය තුළ පවතින සන්නිවේදන භූමිකාව යන්නයි ”
ඒ අනූව දේශපාලන සන්නිවේදනය පිළිබඳව ඉදිරිපත්ව ඇති නිර්වචන විග්‍රහ කර බැලීමේ දි පැහැදිලි වන්නේ දේශපාලනය හා සම්බන්ධ සෑම ක්‍රියාවලියටම අයත් සන්නිවේදන භූමිකාව දේශපාලන සන්නිවේදනය ලෙස හදුනාගත හැකි බවයි. සමාජයේ ක්‍රමික විකාශයක් සමග දේශපාලන සන්නිවේදනය ද ඒ ඒ යුගවල දේශපාලන අවශ්‍යතාවයන් උදෙසා විකාශය වී ඇති අයුරු හදුනාගත හැකිය. එහි වර්ධනීය අවස්ථාවක් ලෙස තාක්ෂණික දියුණුවත් සමග බිහිවන ජනමාධ්‍ය ආශ්‍රිත දේශපාලන සන්නිවේදනය හැදින්වීම නිවැරදිය. අදවන විට එහි උච්චතම අවස්ථාව වන නව මාධ්‍ය සම්බන්ධ දේශපාලන සන්නිවේදනය දක්වාම ව්‍යාප්තව පැවතීම දේශපාලන සන්නිවේදනයේ වඩාත් ආකර්ශණිය සහ න්‍යාය සහ ක්‍රියාකාරකම් අතින් පොහොසත් විෂය ක්ෂේත්‍රයක් බවට පත්වීමට හේතු වී ඇත.
දේශපාලන සන්නිවේදනයේ වඩාත් ආකර්ෂණීය මෙන්ම වඩාත් ප්‍රායෝගික භාවිතයක් සිදුවන්නේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය තුළදීය දේශපාලන බලය ලබාගැනීමත් බලය ක්‍රියාත්මක කිරීම සහ ඒ බලය පවත්වාගෙන යාම සදහාත් ආකර්ෂණිය මෙන්ම නිර්මාණශීලිව සන්නිවේදනය භාවිතා කරනු ලබයි. දේශපාලන සන්නිවේදනයේ සාර්ථක අසාර්ථක භාවය මත දේශපාලන බලය අත්පත්කර ගැනීම හෝ නොගැනීම තීරණය වේ. එහෙයින් වර්තමානය වන විට දේශපාලන සන්නිවේදනය කෙරෙහි න්‍යාත්මත මෙන්ම ප්‍රායෝගික වශයෙන්ද අතිශය වැදගත් කමක් හිමිව ඇත.
ඩොරිස් ඒ. ග්‍රැබර්ගේ අදහසට අනුව සන්නිවේදන ක්‍රියාවලියක් දේශපාලන වීම සදහා අවශ්‍ය වැදගත්ම සාධකය වනුයේ සංදේශය ලැබෙන ප්‍රභවය නොව එහි අන්තර්ගතය හා අරමුණ යන කාරණා ද්විත්ව බවයි. මේ අනූව දේශපාලන සන්නිවේදනය සංදේශයක අන්තර්ගතය සැකසීමේදී වඩාත් උපක්‍රමශිලි සහ සැලසුම් සහගත වීම වැදගත් වේ. දේශපාලනය මෙන්ම සන්නිවේදනය ද වඩාත් පු`ථල්ව ඇති වර්තමානය වන විට ආකර්ෂණීය අන්තර්ගතයකින් යුත් බලපෑම්කාරී සංදේශයන් නිර්මාණය කරලීමට දේශපාලන සන්නිවේදනය අපුර්ව අයුරින් හැසිරවීම දේශපාලන ප්‍රචාරණය තුළ සුලභව හදුනාගත හැකිය.
එස්.එම්.ආර්.ජේ.නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණියවිශ්වවිද්‍යාලය
No comments:
Post a Comment