Wednesday, 19 June 2019

පනාමුරේ ඇත්ගාල වටා බැදී ඇති ජනප‍්‍රවාද හා එහි වර්තමාන වතගොත සොයා


පනාමුරේ ඇත්ගාල වටා බැදී ඇති ජනප‍්‍රවාද හා එහි වර්තමාන වතගොත සොයා


    ඈත අතීතයේ සිට මෙරට අලි අතුන් ඇල්ලීමේ ක‍්‍රියාවලිය සිදු වූ  බව නිසැකය. විදේශ රටවල් සමග පැවති වෙළඳ සබඳතා ඔස්සේ අලි ඇතුන් අල්ලා වෙළදම් කිරීම රජ සමයේ පටන් පැවතිණි. කෙසේ වෙතත් ගාල්බැඳ ඒ තුළට අලි ඇතුන් එළවා කොටුකර හීලෑ අලීන්ගේ සහය ඇතිව අලි ඇතුන් අල්ලා ගැනීමේ ක‍්‍රමය මෙරටට පුරුදු  වූයේ පෘතුගීසීන් මුහදුබඩ පළාත් තමන් යටතට ගැනීමෙන් පසුවය. මන්ද ඔවුන් වසරක් පාසා මෙරට ගාල්බැඳ අල්ලන ලද අලි ඇතුන් මෝගල් අධිරාජයාට විකිණීම සිදු කිරීමත් සමගය. අනතුරුව බ්‍රිතාන්‍යන්ද මෙරට පාලන බලය හිමි කරගත් පසු රාජකාරි ක‍්‍රමය යොදා අලි ඇතුන් ගාල් බැඳීම සඳහා යොමු විය.

    කෙසේ වෙතත් එදා මෙදා තුර දිවයිනේ ඉතා ප‍්‍රසිද්ධියට පත් ඇත්ගාල බඳින ලද්දේ කොළොන්න කෝරළයේ පනාමුර ප‍්‍රදේශයේ ය. විශේෂයෙන“ පනාමුරේ ඇත් රාජා ” යන නාමය ලංකාවේ පමණක් නොව ලොව ප‍්‍රසිද්ධ වු නාමයකි. මෙම නාමය හා බැඳි පනාමුර ඇත්ගාල සුවිශේෂී ඓතිහාසික ස්ථානයකි.

සුප‍්‍රසිද්ධ “පනාමුරේ ඇත්ගාල” පිළිබඳ විස්තර කරන විට මඩුවන්වෙළ රටේ මහතාගේ නම ද නිරායාසයෙන්ම ඇදී එන බව කිව යුතුය. මඩුවන්වෙළ පරපුරේ අවසානයා වන “ විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේලාගේ ශ‍්‍රිමත් ජේමිස් විලියම් මඩුවන්වෙල” වන මොහු විසින් තම ජීවිත කාලය තුළ දී 1889 වසරේ සිට ඇත්ගාල් විස්සක් ( 20 ) බන්ඳවා ඇති අතර එහිදී අල්ලා ගන්නා ලද අලි ඇතුන්ගෙන් කිහිපදෙනෙකු ඉතිරි කරගෙන සෙසු අය විකුණා ඇති බව ද සඳහන්  වේ.

         පනාමුර යනු මඩුවන්වෙල නින්දගමට අයත් පැරණි ගමකි. කතරගම දේවාලයේ මුර භටයන් 50 ක් මුරට සිටි බැවින් “ පනහමුර ” ලෙස භාවිතා වී පසුව “ පනාමුර ” ලෙස ව්‍යවහාර වන බව ජනප‍්‍රවාදයේ සඳහන් වේ. අක්කර 7000 ක් පමණ වන මෙම නින්දගම ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් මඩුවන්වෙල මොහොට්ටාලට ලබාදුන් නින්දගමකි.

          අලි ඇතුන් අල්ලා ගැනීමේ බිහිසුණූ ක‍්‍රියාවලිය මනා ලෙස සැලසුම් සහගතව ඉටු කරන ලද්දකි. ඇත්ගාල ඉදි කිරීමට පෙර කල් තියාම සේවක සමූහයාට මාස දෙක තුනක් සඳහා අවශ්‍ය ආහාර සපයා ගැනීම ස`දහා වලව්වේ වී ගබඩා පිරවීම සි¥ කරයි. අනතුරුව ගම්වාසීන්, රටේ මහතාගේ නිවේදනයට අනුව තමන්ගේ බරට වේවැල් මිටියක් ද රැගෙන ඇත්ගාලේ වැඩට පැමිණිය යුතුය. එමෙන්ම වල් අලි බැ`දීමට දක්ෂ පුද්ගලයන්, හීලෑ අලි ඇතුන් හා ඔවුන්ගේ අයිතිකරුවන්, ගස් කපන්නන්, හෙල්ල දරන්නන්, ගිනිමැල ගසන්නන්, මන්ත‍්‍රකාරයන්, වඩුවන්, කොකියන් ආදී සෑම දෙනාටම රටේ මහතා විසින් කල් වේලා ඇතිව දැනුම් දී මෙය සිදු කරනු ලබයි.

          ජූලි මාසයේ දී නොහොත් වසරේ ග‍්‍රීෂ්ම සමය ආරම්භයත් සමග වල් අලි රංචු නිම්නයේ සිට පනාමුර අසලට සංක‍්‍රමණය වීමට පටන් ගනිති. අගෝස්තු මාසයේ පවතින දැඩි නිය`ගය නිසා ජලය හා ආහාර සොයා පනාමුර කැළයේ පිහිටි කිසිදා ජලය නොසිදෙන‍ “නලියන දිය බුබුල” වෙත අලි ඇතුන් පිවිසෙති. ජනප‍්‍රවාදයේ සඳහන් ආකාරයට මෙය පොළව තුළින් පැන නගින විශාල දිය ධාරාවක් වන අතර එහි වර්ෂා කාලයට වතුර අඩු වී නිය`ග කාලයට වතුර වැඩි වේ. ග‍්‍රීෂ්ම කාලයේ අලි ඇතුන් මෙම උල්පතෙන් වතුර බී උද්දාමයෙන් ප‍්‍රීති ඝෝෂා පවත්වන විට දිය උල්පත ද උද්දාමයට පත් වූවාක් මෙන් වැලිත් සමග දිය බුබුල  නොනැවතී උඩට විසි කරන බව සඳහන් ය. අලි ඇතුන් පමණක් නොව මිනිසුන් ද ප‍්‍රීති ඝෝෂා කරන විට ජල බුබුළු ඉහළට විසිවන බව ප‍්‍රසිද්ධය. මේ නිසා මෙය “නලියන දිය බුබුල” ලෙස ජනප‍්‍රවාදයේ සඳහන් වේ.

          කෙසේ වෙතත් ජලය සොයා පැමිණෙන වල් අලීන් අල්ලා ගැනීම සඳහා “ කළු කන්දාව ” කඳු පාමුල පිහිටි මෙම දිය උල්පත මැදි කොට  අක්කර 06 ක පමණ වූ භූමි භාගයක ඇත් ගාල බඳිනු ලබයි. හීලෑ ඇතුන්ගේ ද සහය ඇතිව විශාල බුරුත කොටන් සිටුවා, බුරුත කඳන් මාවර වශයෙන් බැ, වේවැල් බැමි යොදා, පිටතින් ද ආවරණ කණු යොදා ඉතා ශක්තිමත් ලෙස ඇත් ගාල බ`දිනු ලබයි. අලි ඇතුන් ගාලට ඇතුල් කිරීමට “ඉදිකඩ” නම් විශාල දොරටුවක් ද සාදා ඇත් ගාල බැ`දීම නිම කර ඇත.
         
       අනතුරුව රටේ මහතාගේ විධානයට අනුව 1800 ක පමණ පිරිසක් යොදා කැළයේ සිටින වල් අලීන් වලයාකාරව වට කර කෑ කෝ ගසා ගිනි මැල දල්වා ගාල දෙසට පලවා හරිනු ලබයි. භීතියට පත් වල් අලීන් නොදැනුවත්වම ගාල තුළට ඇතුළු වන අතර ඉන් පසුව ඇත් ගාල වටේට යාර දහයෙන් දහයට ගිනි මැල ගසා මුරකරුවන් දෙදෙනෙක් බැගින් යොදවයි. හීලෑ අලි ඇතුන් ද රැකවරණයට යොදවයි. පැය කිහිපයක් ගත වූ පසු තමන් කොටු වී ඇති බව දැනගත් අලි ඇතුන් ගාලට පහර දෙමින් පැන යාමට මහත් පෙරළියක් සිදු කරන අතර ගිනි මැල, හෙල්ල පහරවල් හා හීලෑ ඇතුන්ගේ මැදිහත් වීම මත අලි රැළ අසරණ වේ.

          ගාලට ඇතුළු වී සිටින අලීන්ගේ සංඛ්‍යාව දැනගත් පසු රටේ මහතා විසින් අලි බැඳීමට පෙර දින රාත‍්‍රියේ දී දේව පූජාවක් පවත්වනූ ලබන බව ජනප‍්‍රවාදයේ සඳහන් වේ. ඉන්පසු අලි මන්ත‍්‍රකාරයන් හා නිර්භීත අලි බඳින්නන් කැවා ශාන්තිකර්ම කර, ආරක්ෂක යන්ත‍්‍ර බන්ඳවා, පූජා කළ තැඹිලි තෙල් හිස ගා, හීලෑ අලි ඇතුන්ගේ බඩ යටින් ගොස් වල් අලින්ගේ පසු පාදවලට තොණ්ඩු දමා ඔවුන් බඳින ලද බව ජනප‍්‍රවාදයේ සඳහන් වේ.

          එමෙන්ම මඩුවන්වෙල පදිංචි බුත්කන්ද විද්‍යාලයේ හිටපු ආචාර්ය වරයෙකු වන නිශ්ශංක පැටිකිරිකෝරාළ මහතා පවසන්නේ මඩුවන්වෙළ රටේ මහතා වල් අලීන් හීලෑ කරගැනීම සහා විශේෂ මන්ත‍්‍ර ශාස්ත‍්‍රයන් හා කෙම්  ක‍්‍රම භාවිත කළ බවට ජනප‍්‍රවාද කතාවල සඳහන් බවයි. මෙහිදී අලි බැදීමට පෙර මන්ත‍්‍ර ජප කරන ලද බුලත් කොළයක කෑල්ලක් කඩා හපමින් ඉතුරු කෑල්ල ඉනේ ගසාගෙන පසුව ඇතුන් සමීපයට යන බවත්, අලි ඇතුන් රටේ මහතාට හීලෑ වන බවත් ජනප‍්‍රවාද කතා අතර පවතින බව පැටිකිරිකෝරාළ මහතා පවසන ලදි.

          මෙලෙස හීලෑ අලි ඇතුන්ගේ, මුරකරුවන්ගේ, අලි බඳින්නන්ගේ හා මන්ත‍්‍ර ජප කරන්නන්ගේ ආදී සියල්ලන්ගේ සහය ඇතිව අලි ඇතුන් බැඳ අවසන් කිරීමෙන් පසුව ඇත්ගාලේ අවසන් පියවර වන්නේ අලි ඇතුන් කිහිප දෙනෙකු හැර ඉතිරි අලි ඇතුන් වෙන්දේසියේ විකිණීමයි. මෙම ඇත්ගාල බඳින කාලය තුළ විදේශීය නරඹන්නන් පැමිණෙන අතර ඔවුන්ට පහසුකම් සැලසීම සඳහා “පත්තිරිප්පුව ” නම් උස් වේදිකාවක් ඇත් ගාලට සැතපුම් කාලක් පමණ දුරින් ඉදි කෙරෙන අතර ප‍්‍රභූන්ට වෙන වෙනම මහල් සහිත නිවාස ඉදි කරයි. මෙම නරඹන්නන් සියළු දෙනාට රටේ මහතා විසින් සංග‍්‍රහයන් සම්පාදනය කරදෙන ලදි.

           මෙම පනාමුර ඇත්ගාල පිළිබඳ ඇති තවත් සුවිශේෂී කරුණක් නම් එකල අලි ඇතුන්ගේ අයිතිය රජුට හෝ ආණ්ඩුවට පමණක් හිමි වුවද බලපත‍්‍ර හෝ කිිසිදු අවසර ගැනීමකින් තොරව මෙම ඇත්ගාල බැදීම තුළින් පැහැදිලි වන්නේ එකල මඩුවන්වෙළ රටේ මහතා පූර්ණ බලතල ඇති ස්වතන්ත‍්‍ර ප‍්‍රාදේශීය රජෙකු ලෙස ක‍්‍රියා කර ඇති බවයි.

            1930 සැප්තැම්බර් මස අභාවප‍්‍රාප්ත වු රටේ මහතාගෙන් පසු ඔහුගේ බූදලය හිමි වූයේ ව්‍යවස්ථාදායක මන්ත‍්‍රණ සභාවේ හා පාර්ලිමේන්තුවේ ප‍්‍රථම කථානායක ව සිටි ශ්‍රිමත් ප‍්‍රැන්සිස් මොලමුරේ මහතාටය. ඔහු විසින් ඇත් ගාල් දෙකක් බැන්ඳ වූ බව සඳහන් ය. 1950 දී ඔහු විසින් බඳින ලද දෙවන ඇත් ගාල පනාමුරේ ඇත් රාජා හා සම්බන්ධ මෙරට අවසාන ඇත් ගාලයි. මෙම ඇත්ගාල සඳහා කොටු වූ පනාමුර ඇත් රාජා ලෙස හ`දුන්වන ( ඇත්තටම මෙම සතා ඇතෙකු නොව අලියෙකි) අඩි 09 ක් පමණ උස දැවැන්ත හස්තිරාජයා මෙල්ල කර ගැනීමට කිසිිවෙකුට නොහැකි වී තිබේ. මහත් පෙරළියක් කරමින් තම රැලේ සගයන් බේරා ගැනීමට සටන් කළ මෙම ඇත් රාජා 1950 අගෝස්තු 05 වන දින රාත‍්‍රියේ දී නාවික හමුදා තුවක්කු කරුවෙකු ව“ සෑම් කදිරගාමර්” නැමැත්තා විසින් මොලමුරේ මහතාගේ විධානයට අනුව වෙඩි තබා මරා දමා තිබේ.

             මේ සමගම රටේ සියළුම ජන මාධ්‍යය මෙය ප‍්‍රචාරය කිරීමත් සමග රට තුළ දැඩි විරෝධයක් පැන නැගී ඇති අතර ඉන්පසු මෙරට ඇත්ගාල් තහනම් කිරීමට පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදි. මෙලෙස මෙරට අලි ඇතුන්ගේ සුරක්ෂිත භාවය තහවුරු කරන නීති සම්පාදනය වීමට පනාමුරේ හස්තියාගේ මරණය හේතු සාධක වූ අතර ඒ සමග ම මෙම හස්තියා වීරයෙකු ලෙසින් “පනාමුරේ ඇත් රාජා” ලෙස ලෝක ප‍්‍රසිද්ධ විය.

             මෙම දැවැන්ත හස්තිරාජයා මරා දැමීමත් සමග කිසිදාක නොසිදෙන කළුකන්දාව කඳු පාමුල ඇති නලියන දිය බුබුල හිඳීගිය බවත්, එහි වතුර අඩු වූ බවත්, එහි පෙර මෙන් උද්දාමයට පත්ව ජලය විසි කිරීමක් සිදු නොවූ බවත් ආදී ඇතැමුන්ගේ විවිධ මත ජනප‍්‍රවාදයේ සඳහන් වේ. එමෙන්ම හස්තිරාජයාගේ මරණයත් සමග ප‍්‍රැන්සිස් මොලමුරේ මහතා නිතර බියට පත්ව රෝගාතුර වූ බව ද මඩුවන්වෙල ගම්වැසියන් අතර පවතින ජනප‍්‍රවාදයකි. ඇතාගේ මරණයෙන් පසු මොලමුරේ මහතා විශාල වශයෙන් දාන මාන කටයුතු වල නියැලෙනු ලැබූ බව ද සදහන් වේ. එමෙන්ම පනාමුර ප‍්‍රදේශයේ කෙත්වතු සියල්ල නිසරු වී ගිය බවද ජනප‍්‍රවාද කථා අතර පවතී.

             ලංකාවේ අවසාන ඇත්ගාල වන පනාමුර ඇත්ගාල පිහිටි ප‍්‍රදේශයට වර්තමානයේ ළඟා විය හැකි පහසුම මාර්ගය වන්නේ ඇඹිලිපිටිය උඩගම හංදියෙන් හැරී කොළොන්න හරහා සූරියකන්ද දක්වා වන මාර්ගයේ කි. මි. 10ක් පමණ ගමන් කිරීමෙන් පසු පනාමුර හංදියට පැමිණ පනාමුර හංදියේ ඇති සල්ගස ළගින් දකුණට හැරී කි.මි. 03 ක් පමණ ඇතුළට දිවෙන මාර්ගයයි.

            ලංකාවේ අවසන් ඇත්ගාල වන පනාමුරේ ඇත්ගාලෙහි වර්තමානයේ දී අපට ශේෂව දකින්නට ඇත්තේ පුරාවිද්‍යා පුවරුවක්, ඇත්ගාලට පාදක වූ දිය උල්පත හා ප‍්‍රදේශවාසීන් විසින් නැවත සකස් කර සිටුවන ලද ඇත්ගාල බැඳීමට ගත් එක් ලී කොටයක් පමණි. කෙසේ වෙතත් පසුගිය රජය සහ පනාමුර පොලීසිය එක්ව ඇත්ගාලෙහි අනුරුවක් සහ පනාමුර ඇත් රාජා සිහිවීම සඳහා ඇත්රාජාගේ අනුරුවක් ඉදිකර තිබෙනු දක්නට ලැබේ. එමෙන්ම පසුගිය රජය සමයේ දී කෞතුකාගාරයක් ඉදි කරනුු ලැබුවද එය අද වන විටත් විවෘත නොවී පැවතීම කණගාටුවට කරුණකි. වර්තමානයේ පනාමුර පොලිසිය හා එක්ව කොලොන්න ප‍්‍රදේශයේ පදිංචි එකල ඇත් ගාල බැ`දීමට සම්බන්ධ වූ පුද්ගලයෙකු වන  “පැන්ටිස් සිංඤ්ඤෝ” මහතා ප්‍රමුඛ පනාමුර ගම්වැසියන් විසින් ඇත්ගාල පිහිටි ඓතිහාසික භූමිය ආරක්ෂා සහිතව පවත්වාගෙන යනු ලබයි.

           අතීතයේ ඇත්ගාලට පාදක වු භූමියෙන් කොටසක් අද වන විට කෙත්වතු බවට පත්ව ඇති අතර කොටසක් වල් වැදී ඇත. විශේෂයෙන්ම එදා පැවති දිය උල්පත අදටත් පනාමුර වැසියන්ගේ කෙත්වතු සරු කරමින් ඇත්රාජා සිහි කරමින් ගලා බසී. හස්තියාගේ මරණයත් සමග මෙම උල්පතෙහි ජලය අඩු වී ඇති බවත් ඇත් රාජාගේ පින් බලයෙන් එය තාමත් නොසිදී ඇති බවත් ගම්මුන් අතර පවතින ජනප‍්‍රවාද කතාවකි. කෙසේ වෙතත් වර්තමානය වන විට අනවසරයෙන් මෙම දිය උල්පතෙන් නල මාර්ග ඔස්සේ ජලය ලබා ගැනීමට කටයුතු කිරීමත් අවට පෝෂක ප්‍රදේශයේ වන ලැහැබ එළි පෙහෙළි කිරීමත් නිසා දිය උල්පත තර්ජනයට ලක්ව ඇත.

            මේ අනුව කොළොන්න කෝරළයේ පිහිටි ඓතිහාසික ස්ථානයක් වන ලංකාවේ අවසාන ඇත්ගාල වන පනාමුරේ ඇත්ගාලෙහි දැනට ශේෂව ඇති දිය උල්පත හා අනෙකුත් සියළුම ඓතිහාසික සාධක ආරක්ෂා කර ගැනීම උදෙසා පුරාවිද්‍යා සංරකෂණ දෙපාර්තමේන්තුවේ දැඩි අවධානය යොමු කිරීම ඉතා වැදගත් වන අතර එය අප සැමගේම වගකීමකි.






රිෂිත ජනිත් නානායක්කාර 
ජනසන්නිවේදන අධ්‍යන අංශය 
කැළණිය විශ්වවිද්‍යාලය 

ශ්‍රී ලංකාවට රූපවාහිනිය පැමිණීම

ශ්‍රී ලංකාවට රූපවාහිනිය පැමිණීම
ශ්‍රී ලංකාවට ගුවන්විදුලි මාධ්‍ය සාම්ප්‍රාප්තිය වී බොහෝ කලක් යන තුරුම රූපවාහිනී මාධ්‍යයේ ආගමනය සිදු වූයේ නැත.නමුත් 1850 දශකයේ පමණ සිට විවිධ පුද්ගලයින් මෙරට රූපවාහිනී නාලිකාවක් ඇරඹීමට අවසර ඉල්ලා තිබේ.ශ්‍රී ලංකාවට රූපවාහිනිය හඳුන්වා දීමට ගත් ප්‍රයන්තය හා එහි ඉතිහාසය ප්‍රධාන ධාරවන් 3ක් යටතේ හඳුනාගත හැකිය.

   1.රූපවාහිනී මාධ්‍ය ඇරඹීම සඳහා වූ ඉල්ලීම්.
   2.රූපවාහිනිය පිළිබඳ වූ අත්හදා බැලීම් සහ අත්දැකීම්.
   3.ප්‍රතිපත්ති,සාකච්ඡා හා සංවාද.

ශ්‍රී ලංකාවට රූපවාහිනිය හඳුන්වා දීමට ගත් පළමු උත්සාහය වනුයේ 1859 දී RCA සමාගම විසින් කරන ලද ඉල්ලීමයි.ඉන් අනතුරුව 1960 දශකයේ මුල් කාලයේ දී ජර්මන් ෆෙඩරල් ජනරජයද, 1864 හා 1865 කාලවල දී මාර්කෝනි සහ ෆයි යන විදේශීය සමාගම්වල මෙරට නියෝජිතවරයා වූ එස්මන් වික්‍රමසිංහ මහතා විසින් ද ජර්මනියේ bosch සමාගම ද මෙරට රජයෙන් ඉල්ලීම් කළ ද ඒවා සාර්ථක වූයේ නැත.1866 දී නැවත වරක් ජර්මන් රජය මෙරට රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමට තාක්ෂණික පහසුකම් ලබා දීමට එකඟ වුවද එවකට අගමැති ඩඞ්ලි සේනානායක සහ ගුවන් විදුලි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශ මත එම යොජනාව ද ප්‍රතික්ෂේප විය.
කෙසේ වෙතත් 1977 බලයට පත් ජේ.ආර්.ජයවර්ධන අගමැතිවරයාගෙන් තෙවන වරටත් ශාන් වික්‍රමසිංහ විසින් රූපවාහිනී සේවයක් ආරම්භ කිරීමට ඉල්ලීම් කරන ලද අතර ඒ වන විටත් අගමැතිවරයා සහ ජපන් රජය අතර පැවති සුහදත්වය මත මෙරට රූපවාහිනී සේවයක් ආරම්භ කිරීමට ජපන් රජයේ ආධාර ලබා දීමට කටයුතු සලසා තිබිණි.
මෙරට රූපවාහනි සේවයක් ආරම්භ කිරීම සඳහා සිදුකළ අත්හදා බැලීම් සහ අත්දැකීම් කිහිපයක් ද හඳුනාගත හැකිය.ඒ අනූව 1950 ගුවන් විදුලියේ සේවය කළ කාර්මික ශිල්පියෙකු වූ ටියුචර් පෙරේරා විසින් කාන්තාවන්ගේ රූපයක් ඈතින් පිහිටි තිරයක් මතට සම්ප්‍රේෂණය කර ඇති අතර එය මුල්ම අත්හදා බැලීම විය.ඊට අමතරව H.A.J. Hulugalla පෙන්වා දෙන්නේ දකුණු ඉන්දීය රූපවාහිනී නාලිකා මගින් යාපනයේ වැසියන්ට රූපවාහිනිය නැරඹීමේ හැකියාව ඇති බවයි.එමෙන්ම ඉන්දියානු SITE වැඩසටහන යටතේ චන්දාිකා තරංග ලබාගත හැකි උපකරණ පද්ධතියක් නිර්මාණය කිරීමට ආතර්.සී .ක්ලාක් මහතා සමත් වූ අතර ඔහු පවසන්නේ ලංකාවේ රූපවාහිනී හිමිකරුවා ඔහු බවයි.මීට අමතරව 1976 දී නොබැදි ජාතීන්ගේ සමුළුවට සමගාමීව මෙරට රූපවාහිනී සේවයක් පවත්වාගෙන ගොස් ඇත.
මේ අතර ශ්‍රී ලංකාවට රූපවාහිනී සේවා හඳුන්වා දීමට ගත් ප්‍රතිපත්තිමය සාකච්ඡා යටතේ මුල්ම අවස්ථාව වූයේ යටත් විජිත සමයේ සිදු කරන ලද්දකි.එමෙන්ම 1941 “කන්දයියා වෛද්‍යනාදන්” කොමිසම ද මුල්වරට රූපවාහිනී සේවයක් ආරම්භ කිරීම පිළිබඳ විමසන ලදී. එමෙන්ම 1865 දී හුළුගල්ල කොමිසම මගින් නිර්දේශ කරන ලද්දේ ඉදිරියට වැඩ කිරීමේ අරමුණින් සුළු වශයෙන් හෝ රූපවාහිනී සේවයක් ආරම්භකර පවත්වාගෙන යා යුතු බවයි.
මේ ආකාරයට මෙරට රූපවාහිනී සේවා ආරම්භ වීම සඳහා ඉහත සියලු සාධක බලපාන ලද අතර 1970 පමණ වන විට ඇෆ්ගනිස්ථානය , බුරුමය , ශ්‍රී ලංකාව හැරුණු විට දකුණු ආසියාවේ සෑම රටකම රූපවාහිනී සේවා ආරම්භ වී තිබිණි.
මෙම සියලු කාරණා පදනම්ව 1978 ජුනි 5 වන දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පනත යටතේ රූපවාහිනී සේවාවක් පවත්වාගෙන යාම සඳහා අයදුමත් කැඳවන ලදි.මේ අනූව ශාන් වික්‍රමසිංහ සහ අනිල් විජේවර්ධනගේ මුලිකත්වයෙන් යුතු “සංගීතා” සමාගමට බලපත්‍රය ලබා දුන් අතර ඒ අනූව 1979 අප්‍රේල් 14 වන දින ITN නාලිකාව හෙවත් ස්වාධීන රූපවාහිනිය විකාශන කටයුතු ආරම්භ කරන ලද්දේ මෙරට පළමු රූපවාහිනී නාලිකාව ලෙසිනි.මුල් කාලය තුළ විදේශීය නාලිකා වලින් ලබාගත් වීඩියෝ දර්ශන විකාශය කරන ලදි.පෞද්ගලික නාලිකාවක් ලෙස ආරම්භ වූ මෙම නාලිකාව විදුලිය විසන්ධි වීම හේතුවෙන් පැය 24 ක කාලයක් විකාශය නොවීම හේතු සාධක ලෙස දක්වා ආරම්භ වී ඉතා කෙටි කාලයක් තුළ රජයට පවරා ගන්නා ලදි.
1982 අංක 06 දරණ පනත යටතේ ජාතික රූපවාහිනී සේවය පිහිටි වූ අතර එය මෙරටට ලබාදීමේ අරමුණු 03 ක් ජපන් රජය පෙන්වාදෙන ලදී.අධ්‍යාපනික සංවර්ධනය ඇති කිරීම,කෘෂිකාර්මික සංවර්ධනය කිරීම හා ජේ.ආර් ජයවර්ධනයන්ගේ ජයග්‍රහණයට තෑග්ගක් වශයෙන් ලබා දීම එම අරමුණු වේ.මේ අනූව 1982 පෙබරවාරි 15 වන දින ජාතික රූපවාහිනිය නිළ විකාශන කටයුතු ආරම්භ කල අතර මුල් කාලයේ සංඥා තීරය,භාරත ගී වින්දනය,සුබාරතී වැනි වැඩසටහන් විකාශය කරන ලදි.මුල්ම ලාංකීය ටෙලිනාට්‍ය ලෙස “දිමුතු මුතු” ටෙලි නාට්‍ය විකාශය වන්නේ ද මේ කාලයේදී ය.
1990 දශකය පමණ වන විට ලාංකීය රූපවාහිනී මාධ්‍යයේ ස්වරූපයේ වෙනසක් ඇති කරමින් පැවති රාජ්‍ය ඒකාධිකාරිය අහෝසි කරමින් පෞද්ගලික නාලිකා බිහිවිය. ඒ අනූව TNL (1991), MTV (1993), ස්වර්ණවාහිනිය (1997), සිරස TV (1998) වැනි නාලිකා ආරම්භ විය.අනතුරුව 2000 දශකයේ දී දෙරණ TV, හිරු TV, සියත TV සහ TV 1 වැනි නාලිකා බිහි විය.
වර්තමානය වන විට ලාංකීය රූපවාහිනි නාලිකා රැසක් බිහි වී ඇති අතර නව ප්‍රවණතා ඔස්සේ සංවර්ධනය වෙමින් දැඩි මාධ්‍ය තරඟකාරී ස්වභාවයකින් යුතුව මාධ්‍ය භාවිතයේ යෙදෙමින් සිටින බව හඳුනාගත හැකිය.


රිෂිත ජනිත් නානායක්කාර 
ජනසන්නිවේදන අධ්‍යන අංශය 
කැලණිය විශ්වවිද්‍යාලය 

රූපවාහිනී මාධ්‍යයේ ඉතිහාසය,විකාශනය සහ වර්ධනය

රූපවාහිනී මාධ්‍යයේ ඉතිහාසය,විකාශනය සහ වර්ධනය

වර්තමානය වන විට රූපවාහිනී මාධ්‍ය අනෙතකුත් ජනමාධ්‍යන් අභිභවා යමින් ප්‍රබල ජනමාධ්‍යයක් බවට පත්ව තිබේ. සැබවින්ම රූපවාහිනී මාධ්‍යයේ ප්‍රභවය මානව සන්නිවේදන අවශ්‍යතාවයන් සඳහා විද්‍යාත්මක සොයා බැලීම් මත සිදු වූවකි.ශත වර්ෂ ගණනාවක් රටවල් ගණනාවක් විසූ විවිධ ක්ෂේත්‍රවල ඉංජිනේරුවරයන් හා පර්යේෂකයන් විසින් කරන ලද විද්‍යාත්මක අත්හදා බැලීම් රූපවාහිනිය ගොඩනැගීමෙහිලා වැදගත් විය.

1880 දශකය තුළ ශ්‍රව්‍ය,දාෘශ්‍ය මාධ්‍යන් පිළිබඳ මූලික භෞතික සොයා ගැනීම් ගණනාවක් යුරෝපය තුළ සිදු විය.ක්‍රමයෙන් 1890 වන විට ඇමරිකාව,රුසියාව,ජර්මනිය වැනි රටවල් රූපවාහිනියේ මුල් අවස්ථා සම්බන්ධ සොයා ගැනීම් සිදු කරන ලදි.මුලින්ම television යන නම භාවිතා කරන ලද්දේ ප්‍රංශ ජාතික perski විසින් වන අතර 1900 දී පැරිස් නුවර පැවති සම්මන්ත්‍රණයකදී එය හඳුන්වා දෙන ලදි.

විද්‍යුත් යාන්ත්‍රික රූපවාහිනිය හා සම්බන්ධ මූලික මුලධර්ම “පෝල් නිප්කෝ” විසින් සොයා ගත් අතර 1884 දී ඔහු ස්කෑන් තැටිය සොයා ගන්නා ලදි.එමෙන්ම ඔහු විද්‍යුත් යාන්ත්‍රික රූපවාහිනී ක්‍රමයද යොජනා කරන ලදි.මීට අමතරව රූපවාහිනිය සොයා ගැනීමට පාදක වූ පරීක්ෂණ අතර 1842 විදුලි කම්බි ඔස්සේ පිංතූර සංස්කරණය කිරීම,1847 පිටපත් කළ හැකි විදුලි ක්‍රමය,ප්ලාකර් විසින් හඳුන්වා දුන් කැතෝඩ කිරණ පරීක්ෂණය ආදිය වැදගත් වේ.එමෙන්ම 20 වන සියවසේ මුල් කාලයේ දී ජෝර්ජ් සහ ෆෝනියර් විසින් නිශ්චල ප්‍රතිබිම්බවල අපැහැදිලි සේයාරූවක් අඛණ්ඩව චලනය කිරීමට සමත් වූ අතර මේ සියලු පරීක්ෂණවල එකතුවක් ලෙස scanning disc ක්‍රමවේදය තව දුරටත් වැඩි දියුණු කරමින් ස්කොට්ලන්ත ජාතික ජෝන් ලොගී බෙයාර්ඞ් විසින් 1923 දී රූපවාහිනිය සොයා ගන්නා ලදි.

ලොව මුල්ම රූපවාහිනී දර්ශනය ලෙස බෝනික්කෙකුගේ රූපයක් 1925 දී විකාශය කර ඇත.එමෙන්ම 1926-01-26 වන දින සාර්ථක රූපවාහිනී දර්ශනයක් ඉදිරිපත් කර ඇති අතර එදින මෙය නව නිර්මාණයක් ලෙස රාජකීය විද්‍යාතනය විසින් නම් කරන ලදි.මුල් කාලීනව මෙහි තොරතුරු සම්ප්‍රේෂණය සැතපුම් 200ක් දුරට විහිදුව ද පසුව එය 1440 ක් දක්වා වැඩි කරන ලදි.

බෙයාර්ඞ් සොයාගත් රූපවාහිනිය ආශ්‍රයෙන් ප්‍රථම රූපවාහිනී සේවාව ජර්මනියේ තැපැල් කාර්යයාලය මගින් විසිරුවා ඇත.ඒ අනූව පළමු බාහිර විකාශය ලෙස සිනමා නිළියකගේ නර්ථනයක් සැතපුම් 600ක් දුරට සම්ප්‍රේෂණය කර ඇත.මෙම සියලු අත්හදා බැලීම් වලින් අනතුරුව 1937 දී පමණ රූපවාහිනිය ජනතාව අතට පත්විය.

1936 දී ලොව ප්‍රථම මහජන රූපවාහිනි සේවාව උතුරු ලන්ඩනයේ පිහිටි වික්ටෝරියා ඇලෙක්සැන්ඩි්‍රයා මාලිගයේ සිට සම්ප්‍රේෂණය වූ අතර එය අද අප දකින රූපාහිනි විකාශනයේ ආරම්භයයි.විද්‍යුත් යාන්ත්‍රික රූපවාහිනියේ අද්දැකීම් සමඟ ඊළගට විද්‍යුත් රූපවාහිනිය පිළිබඳ අත්දැකීම් ගණනාවක් ඉදිරිපත් විය.

1940 දශකය අවසාන භාගය වනවිට පිලිප්ස් සමාගම විසින් iconoscop , imge dissector වැනි රූපවාහිනී උපකරණ වෙළඳපළට හඳුන්වා දී තිබේ.එමෙන්ම 1950 දශකය අවසානය වනවිට RCA සමාගම දියුණු රූපවාහිනි විකාශන යන්ත්‍රයක් ආරම්භ කළ අතර බි්‍රතාන්‍ය , ඇමරිකාව , කැනඩාව , ජර්මනිය හා ජපානය වැනි රටවල් තාක්ෂණයෙන් උසස් රූපවාහිනි නිර්මාණය කරන්නට විය.ජපානයේ NHK රූපවාහිනී සේවය මගින් හඳුන්වා දුන් IP TV,Ymax ආදී තාක්ෂණයන් 1950 දශකය තුළ රූපවාහිනිය දියුණු වීමට ප්‍රබල සාධකයක් විය.මේ කාලය තුළ මහද්වීප අතර රූපවාහිනී විකාශන තාක්ෂණය පුළුල් කරමින් සැන්ඩි ෆ්‍රැන්සිස්කෝ නුවර හා නිව්යෝර්ක් නුවර අතර ලොව දිගම රූපවාහිනී ජාලය ලෙස cbs සේවාව ආරම්භ විය.එමෙන්ම සජීවී රූපවාහිනී වැඩසටහන් සහ එසැනින් පුවත් වාර්තා කිරීම ආරම්භ වන්නේද 1950 දශකය තුළදීය.මේ නිසා රූපවාහිනී ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස 1950 දශකය හඳුනාගත හැකිය.

1970 දශකය වනවිට කේබල් හා චන්දාිකා රූපවාහිනී තාක්ෂණය ආරම්භවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස රූපවාහිනී නාලීකා ගණනාවක් බිහි විය.ඇමරිකානු Home box office ,showtime හා බි්‍රතාන්‍යයේ sky වැනි නාලීකා ඒ අතර වේ.
      1980 දශකය වන විට රූපවාහිනිය හා සම්බන්ධ විද්‍යුත් ඉලෙක්ට්‍රොනික් දුරස්ථපාලක නිර්මාණය කිරීම සහ LCD රූපවාහිනි හඳුන්වාදීමත් සමඟ තාක්ෂණික අතින් සුවිශේෂි වර්ධනයක් ඇති විය.
1990 දශකය වන විට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ රූපවාහිනිය බිහි වූ අතර වර්තමානය වන විට ඩිජිටල් නව මාධ්‍ය තාක්ෂණය යටතේ ඛෑෘ තාක්ෂණයෙන් යුතු රූපවාහිනි යන්ත්‍රයන් ද බිහි වී ඇත.

මුල් කාලීන රූපවාහිනිය ඔස්සේ තොරතුරු ලබා දීම , ප්‍රවෘත්ති ලබා දීම සිදු කළ ද 20 වන සියවස වන විට ජනමතය සකස් කිරීම එහි ප්‍රධාන අරමුණ විය.මෙහිදී මුලීක වශයෙන් දේශපාලන මත සකස් කිරීම හා ව්‍යාපාරික මත සකස් කිරීම සිදු කරන ලදි.මෙකල රූපවාහිනී වැඩසටහන් ආකෘති ලෙස,
★වෙළඳ දැන්වීම්
★සබන් නාටක
★දේශපාලන සාකච්ඡා
★විනෝදාත්මක වැඩසටහන්
ආදිය දැකිවිය හැකිය.
මෙලෙස විකාශය වූ රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රය වර්තමානය වන විට විවිධ නව ප්‍රවණතාවන් ඔස්සේ නව්‍යකරණය වෙමින් ඉහළ තාක්ෂණයක් සහිතව තරඟකාරී මාධ්‍ය භාවිතයක නියැලෙමින් සිටී.

















2020 ජනපති සොයාන පාවෙන තරුණ ඡන්ද

  2020 ජනපති සොයාන පාවෙන තරුණ ඡන්ද රට ජනාධිපතිවරණ උණුසුමකින් පෙළෙන මේ සමයේ සියලුම අපේක්ෂකයින් ජනතාවගේ සුව දුක් විමසීමට යුහුසුළු වෙති. ඔ...