
චිත්‍රපටය නිකුත් කිරීමෙන් අනතුරුවව රැඟුම් පාලක මණ්ඩලය විසින් මෙහි අධික ලෙස දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිත කරන බව පවසා නඩු ගොනු කර ඇත. පසුව අධ්‍යක්ෂකවරයා විසින් මෙහි තරුණ පරපුරට මත්ද්‍රව්‍යයෙහි ඇති ආදීනව පෙන්වා දෙන බව හැඟවීමක් සිදුකරන බව සනාථ කරමින් නඩුවෙන් නිදහස් වී ඇත. කෙසේ වෙතත් මෙම සිනමාපටය ආදායම් වාර්තා බිඳහෙළමින් තිරගත විය. මෙය ශ්‍රී ලංකාවේ සතියකින් වැඩිම ආදායමක් උපයන ලද චිත්‍රපටය බවට වාර්තාගත වේ. ආදරණීය කතාවක් සිනමා කෘතිය තරු සංකල්පය මූලික කරගත් ගීත ගායන තරඟ වැඩසටහනක් කතා වස්තුව ලෙස තෝරාගෙන ඒ වටා ගෙතුණු සිද්ධි දාමයකින් අන්තර්ගත වේ. එහි චරිත නිරූපණය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී චිත්‍රපටයේ කතාව පිළිබඳ දළ අවබෝධයක් ලබා ගැනීම වැදගත් වේ.
අභිමාන (හේමාල් රණසිංහ) නිහතමානී ගති පැවතුම්වලින් යුත් අලුත් පරපුරට නිබඳවම අත හිත දෙන යොවුන් කලාකරුවකු ලෙස ප්‍රකටව සිටියි. එක්තරා ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක සුපිරි තරු ගායන ප්‍රසංගයක විනිසුරුවරයෙක් ලෙස සහභාගි වන්නට අභිමානට ඇරැයුම් ලැබේ. මුලින් එය ප්‍රතික්ෂේප කළ ද අවසානයේ ඔහු ඊට සහභාගිවන්නට තීරණය කරනුයේ එම වැඩසටහන මෙහෙයවන දෙව්ලිගේ (අරුණි රාජපක්ෂ) පෙරැත්තය නිසාවෙනි. දෙව්ලි කලක් අභිමානගේ පෙම්වතියව සිටි බව ප්‍රේක්ෂකයාට හැඟවෙන්නේ සිනමාපටය අතරතුරය.
දහස් ගණන් තරගකරුවන් අතරින් මෙම රියැලිටි ප්‍රසංගයේ ඉදරියට පියමං කරන පියවි හංසිකාගේ (උදාරි වර්ණකුලසූරිය) ගායන හැකියාවන් පිළිබඳ අභිමාන තම අදහස් ප්‍රකාශ කරන්නේ අවංක හැඟීමකිනි. ඇය ඉතා දක්ෂ ගායිකාවක් බවත් ඉදිරි වටයට යාම සඳහා ඇය අනිවාර්යයෙන්ම සුදුසුකම් ලැබිය යුතු බවත් අභිමාන පවසන්නේ තිරසාර ලෙසය. අභිමාන පියවි පිළිබඳ කළ එකී වර්ණනාව දෙව්ලිගේ සිත් ගත්තේ නැතග. එය ඊර්ෂ්‍යාව මත පදනම් වූ සිතිවිල්ලක් බව ඇගේ හැසිරීම් රටාවෙන් ප්‍රේක්ෂකයාට පිළිබිඹු වේ. ඇඳුම් අලෙවි සැළක සේවිකාවක් ලෙස කටයුතු කරන පියවි දුප්පත් ගැමි තරුණියකි. ඇයගේ එකම අරමුණ කෙසේ හෝ එම තරගය ජයග්‍රහණය කර ඉන් ලැබෙන මුදලින් රෝගීව ඔත්පලව සිටින සිය පියා සුවපත් කර ගැනීමය. ඇගේ එම අවිහිංසක ප්‍රාර්ථනාව මල්ඵල ගැන්වෙනු ඇතැයි සියලු දෙනා විශ්වාස කරන්නේ පියවි සැබෑ දක්ෂ ගායිකාවක් නිසාවෙනි. නමුත් කිසිවකු නොසිතූ නොපැතූ ආකාරයට ඊළඟ වටයේදී ඇයට එම තරගවාලියෙන් ඉවත් වන්නට සිදු වේ. එම සිදුවීමෙන් දැඩි කම්පනයට පත් වෙන පියවිට සිය රැකියාව පවා අහිමි වන්නේ නොසිතූ අයුරිනි.
පියවි වැනි දක්ෂ යුවතියක් තරගයෙන් ඉවත් කිරීම පිළිබඳ අභිමාන පසු වන්නේ දැඩි කෝපයෙන් යුතුවය. ඒ පිළිබඳ ඔහු දෙව්ලිගෙන් කරුණු විමසා ඇයට දොස් පවරන්නේ පියවි පිළිබඳ උපන් අනුකම්පා සහගත හැඟීමෙනි. එතැන් පටන් එම රියැලිටි ප්‍රසංගයට සහභාගි වීම ඔහු නවතා දමන්නේ සිතේ හටගත් බලවත් කළකිරීම නිසාය. තමාව අහේතුක ලෙස තරගාවලියෙන් ඉවත් කර දැමුවේ අභිමාන යැයි වරදවා වටහා ගෙන සිටින පියවි පසුවන්නේ ඔහු පිළිබඳ දැඩි කෝපයෙන් යුතුවය.
සියල්ල පිළිබඳ කළකිරී පියවි යළි සිය ගම් පියස වෙත පා නගන්නේ හැඬූ කඳුළින් යුතුවය. කෙසේ හෝ තම පවුලේ බර යළි කරට ගන්නා පියවි එක්තරා අවන්හලක මුළුතැන්ගෙයි සේවිකාවක ලෙස සේවයට බැඳේ. දිනක් පියවි මුළුතැන්ගෙයි සේවය කරමින් සිටින අතරතුරේ අභිමාන එම අවන්හල වෙත පැමිණෙන්නේ සිය කළමනාකරු ලෙස සේවය කරන උවිඳු (බිමල් ජයකොඩි) සමඟිනි. ඒ අහම්බය තුළ එක් නිමේෂයකදී පියවි හා අභිමාන යළි මුණ ගැසේ. අභිමානට අවශ්‍යව තිබුණේ පියවිට සිදු වූ අසාධාරණය නිවැරදි කොට ඇය ගායන ලොවේ අභිෂේක කිරීමට තම සහාය ලබා දීමටය. නමුත් තමාට සියල්ල අහිමි කළේ අභිමාන යැයි සිතා සිටින ඇය ඒ සියලු වේදනාවන් පිට කර ගන්නේ අභිමාන වෙත වැරෙන් කම්මුල් පහරක් එල්ල කරමිනි.
එම අනපේක්ෂිත සිදුවීමෙන් අභිමාන කම්පනයටත් කෝපයටත් පත් වේ. පුවත්පත්වල පවා එම සිදුවීමට ලබා දෙන්නේ විශාල ප්‍රසිද්ධියකි. අභිමානට ඇති විශාලම ගැටලුව වන්නේ පියවි තමාට එසේ පහර දුන්නේ ඇයි ද යන්න පිළිබඳවය. අභිමාන හා උවිඳු පියවි සොයා ගෙන ඇය වෙසෙන දුෂ්කර ගම්මානය වෙත යන්නේ ඊට පිළිතුරක් සොයමිනි.
ඒ අතර පියවිගේ පියා මිය යයි. එයින් දැඩි සේ දුකට හා කම්පාවට පත්ව සිටින පියවි තම නිවසට පැමිණි අභිමානට යළි යළිත් දොස් පවරන්නේ කඳුළු පිරි දෑසින් යුතුවය. ඒ සියල්ලටම හේතුව පියවි තුළ තමා පිළිබඳ තිබෙන වැරැදි වැටහීම බව තේරුම් ගන්නට අභිමානට අපහසු වන්නේ නැත. කරුණු පැහැදිලි කිරීමෙන් පසු අභිමාන සහ උවිඳු යළි කොළඹ බලා පිටත්ව යන්නේ පියවිට අභිමානගේ නිවසට පැමිණෙන ලෙස ආරාධනා කරමිනි. ඒ අනුව පියවි, අභිමාන හමු වී සමාව අයදිමින් ඉල්ලා සිටින්නේ කෙසේ හෝ අහිමිව ගිය රැකියාව නැවත තමාට ලබා දෙන ලෙසය. එහිදී අභිමාන පියවිගේ ගායන හැකියාවන් පිළිබඳ ඇයට පැහැදිලි කරමින් තමාගේ ඊළඟ ප්‍රසංගයේ සහාය ගායිකාව ලෙස කටයුතු කරන්නට ඇයට ඇරයුම් කරයි.
අනතුරුව අභිමානගේ හා උවිඳුගේ සහාය ඇතිව පියවි දක්ෂ ගායිකාවක් බවට පත්වන අතර ඇගේ දක්ෂතාවය මත රට සංචාරයක් පවා ඇයට හිමිවේ. ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද සංගීත කලාව තුළ තරුවක් බවට පියවි පත් පත්කිරීමට අභිමාන විසින් සියලු උත්සාහයන් සහ මග පෙන්වීම් කරනු ලැබේ. එහිදී අභිමාන සහ පියවි අතර ආදර සම්බන්ධතාවයක් ඇතිවන අතර අභිමානගේ සහකාරිය ලෙස පියවි තෝරාගනී. ඒ සඳහා උවිඳුගේ හා දෙව්ලිගේ විරෝධතාවය එල්ල වුවද අභිමාන සිය කැමැත්ත මත පියවි තම සහකාරිය කර ගනී. කෙසේ වෙතත් අභිමාන දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානය කිරීම නිසාවෙන් ඔහුට සුව කළ නොහැකි පිළිකා රෝගයක් වැළඳෙන අතර එය පියවිගෙන් සඟවා පියවි ජාත්‍යන්තර තරුවක් දක්වා යන ගමන උවිඳුගේ සහාය ඇතිව සිදු කරනු ලබයි. චිත්‍රපටය අවසානයේ අභිමාන මියයන අතර ඔහුගේ අවසන් බලාපොරොත්තුව වූයේ පියවි ගායන ක්ෂේත්‍රයේ තරුවක් වීම හා ජාත්‍යන්තර සම්මානය දිනා ගැනීමයි.
සිනමා කෘතියේ චරිත නිරූපණය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකි චරිත කිහිපයක් පෙන්වා දිය හැකිය. ඒ ඒ චරිත ඔස්සේ ප්‍රේක්ෂක ආකර්ෂණය සඳහා සිනමා කෘතිය තුළ ජනප්‍රිය සංස්කෘතිකාංග අන්තර්ගත වී ඇති ආකාරය විමසා බැලීම වැදගත් වේ.
අභිමාන ජයවර්ධන - හේමාල් රණසිංහ
පියවි හංසිකා - උදාරි වර්ණකුලසූරිය
උවිඳු - බිමල් ජයකොඩි
දෙව්ලි - අරුණි රාජපක්ෂ
පියවිගේ මව - මොරීන් චාරුනී
වැඩසටහන් ඉදිරිපත් කරන්නා - සාරංග දිසාසේකර
අභිමාන ජයවර්ධනගේ චරිතය

එමෙන්ම ජනප්‍රිය සංස්කෘතිය තුළ ප්‍රධාන අංගයක් ලෙස මත්පැන් හා දුම්වැටි පානය කිරීම පෙන්වා දිය හැකිය. මත්පැන් හා දුම්වැටි පානය සඳහා යොමු වූ අභිමානගේ චරිතය තුළින් හොඳින් එය නිරූපණය කිරීමට සමත්ව ඇත. ජනප්‍රිය සංස්කෘතිය තුල ඉංග්‍රීසි භාෂාව මිශ්‍ර වූ දේශීය භාෂා රටාවක් භාවිතා වීම සුලබ දෙයක් වන අතර අභිමානගේ චරිතය ඔස්සේ ද ඔහුගේ භාෂා විලාසය මගින් ද එය හොඳින් නිරූපණය කර ඇත්තේ ගායන ක්ෂේත්‍රයට අදාල බොහොමයක් වචන ඔහු ඉංග්‍රීසි බස මිශ්‍රව භාවිත කිරීම තුළිනි.
එමෙන්ම සාම්ප්‍රදායික සංස්කෘතික ලක්ෂණ බොහෝවිට ජනප්‍රිය සංස්කෘතිය තුළ අභියෝගයට ලක්වෙයි. එය මනාව නිරූපණය කරන අවස්ථාවක් ලෙස පියවි විසින් වරෙක අභිමානට ස්තුති කර වැඳීමට යන අවස්ථාවේ ලැජ්ජා කරන්න එපා යැයි පැවසීම හා ප්‍රතිචාර දැක්වීම පෙන්වාදිය හැකිය. ඒ අනුව අභිමානගේ චරිතය තුළින් සාම්ප්‍රදායික සංස්කෘතික ලක්ෂණ පිළිබඳව ජනප්‍රිය සංස්කෘතිය ඇති ලැජ්ජාශීලී භාවය හා තැකීමක් නොකරන ආකාරය නිරූපණය කර ඇත.
කෙසේ වෙතත් ජනප්‍රිය සංස්කෘතිය තරු සංකල්පය හොඳින් නිරූපණය කරන චරිතයක් ලෙස අභිමානගේ චරිතය පෝෂණය වී පැවතිය ද ඔහු තුළ ඇති සාධාරණත්වය, අවංකබව, නිහතමානී ගති පැවතුම්වලින් යුක්ත වීම, අලුත් පරපුරට නිබඳව අතහිත දෙන යොවුන් තරුවක් ලෙස නිරූපණය කර තිබීම විශේෂ කාරණයකි. ඒ තුළින් නිර්මාණශීලීව ප්‍රේක්ෂකයා සිනමා කෘතිය සඳහා ආකර්ෂණය කරගෙන ඇති අතර සමාජයට සංදේශයක් ද ඉදිරිපත් කර ඇත. ජනප්‍රිය සංස්කෘතිය යනු මහා සංස්කෘතියේම ප්‍රගමනය ලැබූ කොටසක් බවත් එය පුද්ගලයා හා ඔහුගේ ක්‍රියාකලාපය අනුව තීරණය වන සාධකයක් බවත් හදුනාගත හැකිය.
පියවි හංසිකාගේ චරිතය

එමෙන්ම සාම්ප්‍රදායික සංස්කෘතිය තුළින් ජනප්‍රිය සංස්කෘතියට අවතීර්ණ වීමේදී ඇතිවන වෙනස්කම් මනාව නිරූපණය කිරීමට මේ චරිතය හරහා හැකි වී ඇත. විශේෂයෙන්ම ග්‍රාමීය පරිසරයක ජීවත්වන පියවිගේ සරල ඇඳුම් පැලඳුම්, ග්‍රාමීය භාෂා රටාව, චර්යා විධි ආදී සියලු සංස්කෘතිකාංග තරු සංකල්පයත් සමග ජනප්‍රිය අංග ලක්ෂණ බවට පරිවර්තනය වේ. තරු සංකල්පයට ගැලපෙන නව විලාසිතා රටාවන්ගේ ඇඳුම්, කැප් පැලඳීම, ඉංග්‍රීසි මිශ්‍ර වූ භාෂා රටාවක් භාවිත කිරීම ආදිය තුළින් ග්‍රාමීය සංස්කෘතික ලක්ෂණ වලින් ජනප්‍රිය අංග ලක්ෂණ වලට මාරුවන අයුරු පැහැදිලි වේ. ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන තරු සංකල්පය තුළ ග්‍රාමීය ප්‍රදේශවලින් පැමිණෙන තරුණ තරුණියන් විලාසිතාකරණය තුළින් ජනප්‍රිය සංස්කෘතියට පරිවර්තනය වන බව පියවිගේ චරිතය ඔස්සේ හොඳින් නිරූපණය කර ඇත. මාධ්‍ය විසින් එය මෙහෙයවන බව ද හොඳින් ප්‍රත්‍යක්ෂ කර ඇති අතර තරු සංකල්පය සමාජය තුළ ජනප්‍රිය අංගයක් ලෙස ඇති කරනුයේද මාධ්‍යයි. ඒ අනුව ජනප්‍රිය සංස්කෘතිය ප්‍රවර්ධනය කරන්නේ මාධ්‍ය මඟින් බව හොඳින්ම පසක් වේ.
එමෙන්ම සාම්ප්‍රදායික සංස්කෘතිය තුළින් ජනප්‍රිය සංස්කෘතිය වෙත එකවර පරිවර්තනය වීමේ දී ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදු වේ. එය හොඳින්ම පියවිගේ චරිතය හරහා ඉස්මතු වෙයි. සංස්කෘතීන් දෙක අතර පවතින පරතරය මත ජනප්‍රිය සංස්කෘතිය තුළ අතරමං වීමක් පියවිගේ චරිතය හරහා ප්‍රථමයෙන් නිරූපණය වුවද ඇයගේ උත්සාහය හා ජනප්‍රිය සංස්කෘතිය තුළ රැඳෙන ප්‍රවීණ තරුවක් වන අභිමානගේ උපකාර මත ඇය ජනප්‍රිය සංස්කෘතිය තුළ තරුවක් බවට පත්ව තම අභියෝග ජය ගැනීමත් තුළින් එය පැහැදිලිව දක්වා ඇත.
“අපි හුඟාක් දුප්පත් මිනිස්සු සර්... සිංදු කියන්න ගියේ ඉර හඳ අල්ලන්න නොවේ. ජීවිතේ ගොඩනගා ගන්න. ඒත් සර්ගේ එක වචනෙන් ඒ සේරම හුළඟේ ගහගෙන ගියා. මට දුක් සර් මගෙ ගැන බොරුවට වර්ණනා කරලා හොරෙන් අහක් කරපු එක....” යන පියවිගේ දෙබස් ඛණ්ඩය තුළින් පැහැදිලි වන්නේ ඇය තරුවක් වීමට බලාපොරොත්තු වූයේ ජනප්‍රිය වීම තුළින් තම ජීවිතයේ අභියෝග ජය ගැනීමට බවයි. ඒ අනුව පැහැදිලි වන්නේ සාම්ප්‍රදායික සංස්කෘතියට සාපේක්ෂව ජනප්‍රිය සංස්කෘතිය තුළ ඉතා ඉක්මන් ක්‍රමවේද ඔස්සේ ජනප්‍රියත්වයට පත් වීමට හැකි බවත්, කෙසේ වෙතත් ඒ තුළ සංස්කෘතික ඝට්ටන ඇතිවන බවත් ය.
ඒ අනුව සාම්ප්‍රදායික ගැමි සංස්කෘතිය තුළින් ජනප්‍රිය සංස්කෘතිය වෙත පියනගන තරුණියකගේ චරිතයක් වන පියවිගේ චරිතය තුළින් සංස්කෘතික ඝට්ටනය මෙන්ම සංස්කෘතියේ විපර්යාසාත්මක පරිවර්තනය පිළිබඳව ඉතාමත් නිර්මාණශීලීව නිරූපණය කිරීමට ආදරණීය කථාවක් චිත්‍රපටය තුල හැකි වී ඇත. ඒ සඳහා විලාසිතාකරණයේ හා භාෂාවේ වෙනස්වීම් පැහැදිලිවම සාක්ෂි දරයි.
උවිඳුගේ චරිතය

දෙව්ලිගේ චරිතය

එමෙන්ම ජනප්‍රිය සංස්කෘතිය විසින් ගොඩනංවන ලද සංස්කෘතික අංගයක් ලෙස තත්ත්වය හා ප්‍රතිරූපය පෙන්වාදිය හැකිය. දෙව්ලිගේ චරිතය තමන්ගේ තත්ත්වය පිළිබඳ ජනප්‍රිය බවක් හා උසස් බවක් මවා ගනිමින් සිටින චරිතයකි. ජනප්‍රිය සංස්කෘතිය තුළ ප්‍රධාන ලක්ෂණයක් ලෙස හඳුනාගත හැකිය.
ජනප්‍රිය සංස්කෘතිය තුළ කුමන හෝ ආකාරයෙන් ජනප්‍රියතාවය ලබා ගැනීමට උත්සාහ කිරීම ලක්ෂණයකි. එය හොඳින් නිරූපණය වන අවස්ථාවක් ලෙස තම මාධ්‍ය ආයතනයේ ගීත තරඟ වැඩසටහනින් ඉවත් කරන ලද පියවි ජනප්‍රිය වූ පසු නැවත එම මාධ්‍ය තුළම වැඩසටහනක ගීත ගායනය සඳහා එක්කර ගැනීමේ සිද්ධිය පෙන්වාදිය හැකිය.
ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රධාන හා නවතම අංගයක් වන තරු සංකල්පය අවස්ථාවට ගැළපෙන ලෙස ජනප්‍රිය බව උදෙසා නිර්මාණය කරන්නක්, ගොඩනගන්නක් බව දෙව්ලිගේ චරිතය තුළින් පැහැදිලි වේ. පියවි ගීත වැඩසටහනින් ඉවත් කළ පසු අභිමාන විසින් එය දෙව්ලිගෙන් විමසීමේදී ඇය පවසා සිටින්නේ “මේවා ඍැ්කසඑහ ීයදඅත්‍ව ඒක සාමාන්‍ය දෙයක්” යනුවෙනි. ඒ තුළින් එය වඩාත් පැහැදිලි වන අතර ජනප්‍රිය සංස්කෘතිය තුළ සියලු දේ වාසිය හා ජනප්‍රියතාවය වෙනුවෙන් සිදු කරනු ලබන බව පෙන්වා දී ඇත.
මීට අමතරව පියවිගේ මවගේ චරිතය තුළින් සාම්ප්‍රදායික ගැමි සංස්කෘතික ලක්ෂණ ඉස්මතු වන අතර වැඩසටහන් ඉදිරිපත් කරන්නා ලෙස රංගනයෙන් දායකවන සාරංග දිසාසේකරගේ චරිතය තුළින් ජනප්‍රිය සංස්කෘතිය නියෝජනය කරන මාධ්‍යවේදියෙකුගේ ලක්ෂණ නිරූපණය කර ඇත.
සමස්ථයක් ලෙස ආදරණීය කතාවක් සිනමා කෘතිය තුළ චරිත නිරූපණය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන්නේ ප්‍රධාන වශයෙන් ම තරුණ තරුණියන්ගේ ආකර්ෂණය දිනා ගැනීමේ අරමුණින් ජනප්‍රිය සංස්කෘතියට ගැළපෙන ලෙස චරිත හා සිද්ධි ගොඩනංවා ඇති බවයි. එහිදී ජනප්‍රිය සංස්කෘතියේ නව ප්‍රවණතාවක් ලෙස සැලකෙන තරු සංකල්පය මුල් කර ගෙන ඇත. එමෙන්ම විලාසිතාකරණය, භාෂාව, චර්යා රටා, ආකල්ප, සිතුම් පැතුම්, ආචාරධර්ම, පරිසරය වැනි සියලු සංස්කෘතික සාධක ඔස්සේ සාම්ප්‍රදායික හා ජනප්‍රිය සංස්කෘතීන් අතර පවතින ඝට්ටනය හා එම සංස්කෘතීන් අතර පවතින විෂමතාවයන් හා පරිවර්තනයට ලක්වීම් පිළිබඳව ඉතා නිර්මාණශීලීව ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කර ඇති බවයි. එහිදී ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීම උදෙසා ජනප්‍රිය සංස්කෘතියේ අංග ලක්ෂණ සඳහා වැඩි නියෝජනයක් චරිත නිරූපණය හා සිද්ධි නිරූපණය තුළ අන්තර්ගත කිරීමට අධ්‍යක්ෂවරයා හා තිර රචකයා කටයුතු කර ඇති බව පැහැදිලි වේ.
එස්.එම්.ආර්.ජේ.නානායක්කාර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
No comments:
Post a Comment